ලංවිම ඒකක 15කට කඩන්න යෝජනා
ණය බරින් මිරිකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට බෙදීමටත් ඉතිරිවන කාර්යයන් සිදුකිරිම වෙනුවෙන් තවත් ආයතනයක් ස්ථාපිත කරන ලෙසත් විදුලි හා බලශක්ති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පත්කළ කමිටුව විසින් යෝජනා කර තිබේ.
එසේම ක්ෂේත්රයට ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට නම් රජය විසින් “අයාචිත යෝජනා පිළිගැනීම වැනි ක්‍රියාවලින් ඉවත් වී විනිවිද පෙනෙන, සාධාරණ හා තරඟකාරී ප්‍රසම්පාදන රාමුවක් කරා යා යුතු” බව ද එම කමිටුව යෝජනා කර තිබේ. මෙම කමිටුව පුද්ගලයන් 9 දෙනෙකුගෙන් සමන්විත විය.
මෙම සතියේ පැවැති කැබිනට් මණ්ඩලය විසින් කමිටුවේ යෝජනා අනුමත කරන ලදී. එම වාර්තාවේ පිටපතක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කරයි. මේ වසරේ අගෝස්තු මාසය වන විට ලංවිම ගෙවිය යුතු වූ හිඟ විදේශ හා රුපියල් මුදල රුපියල් බිලියන 333.5 ක් පමණ වී තිබේ.
ලංවිම ප්‍රතිසංස්කරණය කිරිමේදී විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ විකිණීම යන ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා නව ස්වාධීන සමාගම් පිහිටුවීමේ දිගුකාලීන යෝජනාවක් ඉදිරිපත්නැ කර තිබේ.
මේ අනුව, විදුලිය බෙදා හැරීම සහ විකිණීම භාර ගැනීම සඳහා ස්වාධීන පද්ධති ක්‍රියාකරුවෙකු, සම්ප්‍රේෂණ සමාගමක් සහ වෙනම සමාගම් හතරක් ඇත. කෙසේ වෙතත් LECO එහි ආයතනික තත්ත්වයෙහි වෙනසක් නොමැතිව ඉදිරියට ගෙන යාමට යෝජිතය.
ලක්ෂපාන ජලවිදුලි සංකීර්ණය, මහවැලි ජලවිදුලි සංකීර්ණය, සමනලවැව ඇතුළු ජලවිදුලි බලාගාර, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ලංවිමට අයත් කැලණිතිස්ස, සපුගස්කන්ද වැනි තාප බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය පවරා ගැනීම සඳහා ස්වාධීන සමාගම් හයක් ඇත.
තවත් ආයතන දෙකක් යෝජනා කර තිබේ. ඉන් එකක් එකක් භාරකරු ලෙස කටයුතු කිරීම සහ මෙම නව සමාගම් වෙත මාරු වීමට තෝරා ගන්නා සේවකයින්ගේ ලංවිම අර්ථසාධක අරමුදල සහ ලංවිම විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණය කිරීමට ආයතනක්ද ඉතිරි වූ කාර්යයන් භාර ගැනීමට තවත් ආයතනයක්ද ස්ථාපිත කිරීමට යෝජිතය.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලයේ විනිවිදභාවයේ දැඩි අඩුවක් ඇති බවයි. එසේම ලංවිම ගාස්තු අය කිරීමේදී පිරිවැය ආවරණය වන මිල ක්‍රමයක් සකස් කළ යුතු බවයි. කෙසේ වෙතත් ආයතනයේ අකාර්යක්ෂමතාව, අයහපත් සැලසුම් හා දුර්වල විදුලි කළමනාකරණය වැනි කරුණු හෙතුවෙන් ආයතනයට දැරීමට සිදුවය අමතර වැය පාරිභෝගියා වෙත විතැන් නොකළ යුතු බවද එහි සඳහන් වෙයි.
popular news
-
Kumar Sunday, 04 December 2022 03:33 PM
CEB eka 15 kata caduwoth sbahapathila 15 denek awashyawenawa pin padi karyamundala awashay wenawa. dan inney ekayi. benz ratha pramanayath ihala yanawa. Hariyata kabalen lipata wateynawawayi. dan awashaya seywakayin kramakkramayen adukirimen laaba labana ayathnayak bawata path kirimayi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

