ඩීසල් නැව ජුලි දෙවැනි සතියේ - පෙට්රල් නැව ජුලි අන්තිම සතියේ
ශ්රී ලංකාවට ඩීසල් තොග රැගත් නැවක් නැවත වරක් පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මස දෙවැනි සතියේදි පමණ බව ඉන්ධන සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති මෙන්ම අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා කියයි.
මේ අනුව ඩීසල් මෙට්රික් ටොන් 30000ක් රැගත් නැවත් ජුලි 11-15 අතර ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි ඔහු පැවැසීය. පෙට්රල් තොග රැගත් නැවත පැමිනීමට ඇත්තේ ජුලි 22 වැනිදායින් අනතුරුව බවත් ඔහු පැවැසීය. එතෙක් ශ්රී ලංකාව ඇණවුම් කළ තෙල් නැව් නොමැති බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීනිතග සංස්ථාවට ඇති සබඳතා උපයෝගී කරගනිමින් මෙම දිනවකවානුවලට කලින් ඉන්ධන නෞකා ලංකාවට ලබාගැනීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඔහු පැවැසීය.
popular news
-
Dayan Thursday, 30 June 2022 04:17 AM
Now all are dealing with fuel crisis. Good way of earning commissions.
Reply : 0 0
A.M.karunarathna Saturday, 02 July 2022 02:04 AM
රට පුරා අරක්කු නොකඩවා බෙදා හැරිමට ඩොලර් වියදම් කරන මේ මොහොතේ ඒ සියලූ මුදල් තෙල් ගෙන ඒමට බල කරමූ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

