ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි
ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින් , ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්ස, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමන බව ඔහු කීවේය.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 340ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 325ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 465කි. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 295කි.
මෙම මිල අඩුවීම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
popular news
-
Nandana Wednesday, 29 March 2023 08:43 AM
Octane 95 gahanne salli thiyana sapa vahana padina un ewata thama wadiyennma adu karala thiyenne, Thyena eka hamadaama dinum
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

