ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමෙන් තවත් ප්රසාද ලකුණක් කපා හරියි
ඉන්දීය කණ්ඩායම සමග පසුගිය 20 වැනිදා කොළඹ පැවැති දෙවැනි එක්දින ක්රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ජගත් ක්රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.
ඒ අනුව සියලු ක්රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇත.
ඊට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ක්රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්රසාද ලකුණු සටහනෙන් ශ්රී ලංකා කණ්ඩායමට තවත් ප්රසාද ලකුණක් අහිමි වි තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට සුපර් ලීගය යටතේ මේ වන විට හිමිව ඇත්තේ ප්රසාද ලකුණු 12ක් පමණයි.සුපර් ලීගය යටතේ ශ්රී ලංකාව තරග 11කට ක්රීඩා කර ඉන් එක් ජයක් පමණක් ලබා මේ වන විට 12 වන ස්ථානයේ රැදී සිටියි.
popular news
-
Prabath Thursday, 22 July 2021 03:10 PM
Hondata welawa aragena kalpana karala Sandakan ta denawa ochchara honda low rate thibuna wicket ekakuth gaththa Karunaratna ta denne nathuwa. Prasada lakunu ekak newe 10 k kapanna thibbe. Captain gen 50% k ganna thibbe. Prabath
Reply : 0 0
P. G thenuka kesava Saturday, 24 July 2021 12:39 AM
Unhappy with the Sri Lanka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

