කජීමා වත්තේ ඉන්න සමහර අය බදුල්ලේ
මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිණි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම වතු නිවාස පෙළ නිරන්තරයෙන්ම ගිණි ගැනීමට ලක්වන බවත් ගතවූ වසර එකහමාරක කාලය තුළ තුන්වරක් ගිණි ගැනීමට ලක්ව තිබෙන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (28) රැස්වීය.
එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය -
මෙම වත්තේ පදිංචිවෙලා ඉන්න අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගනිමු. මේ පදිංචිවෙලා ඉන්න සමහර අය බදුල්ලේ. ඒ වගේ අයට ඒ ප්‍රදේශවල නිවාස ලබාදෙමු. නැත්තන් මේක ලොකු ප්‍රශ්නයක් වේවි. රජයේ මුදලින් ගෙවල් හදන්න බැහැ. මේ ගින්න ගැන විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඉතාම ඉක්මනින් වාර්තාවක් කැඳවමු.
popular news
-
චින්තක Wednesday, 28 September 2022 02:47 PM
පදිංචිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වෙන්නෙ කොහොමද කියන්න
Reply : 0 0
Prebodya Wednesday, 28 September 2022 09:58 PM
Adahas nawa Mata upakara karana Mata kauruhari innawanam job akak labadanna
Reply : 0 0
Demuni Uduwara Thursday, 29 September 2022 01:11 AM
Changing place from original place is mostly happened during life time.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

