නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියෙන් කැස්බෑ පැටවුන් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොන නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද ( 15) සිදු කරන ලදි.
වඳවී යන කැස්බෑ සත්ත්ව විශේෂය සංරක්ෂණය කොට සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින් වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් වන ගිණිකොන නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ සංරක්ෂණය කර ආරක්ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 103 ක් සාගරයට මුදා හැරීම අද ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.
තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හඳුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ත වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

