ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05දා) නම් කරන ලදී.
ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (0දා) පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදීය.
අදාළ සහතිකය පිරිනමමින් කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සෑම වසරකදීම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගත් බවයි. ඊට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නායකත්වය රුකුළක් වූ බවද ඇය එහිදී පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව 2015 වසරේදී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේදී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2017 වසරේදී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
