වහල මත සවිකර ඇති සූරිය විදුලි පද්ධති වෙනුවෙන් ගෙවන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
මේ අනුව දැනට ක්‍රියාත්මක ඒකකයට රුපියල් 22 හා රුපියල් 15.5ක ගාස්තුව වෙනුවට කිලෝවොට් 500ට අඩු සූර්ය විදුලි පද්ධති සඳහා ඒකකයට රුපියල් 37ක්ද කිලෝවොට් 500ට වැඩි සූර්ය පද්ධති සඳහා ඒකකයකට රුපියල් 34.50ක ගාස්තුවක්ද ගෙවන බව අමාත්‍යවරයා පවසයි.
මෙම ගාස්තු වාර්ෂිකව මිල සූත්‍රයක් අනුව සංශෝධනය කරන බවද අමාත්‍යවරයා පවසයි. මෙම ගාස්තු සංශෝධනය නව වහල මත සවිකරන සූර්ය පද්ධති සඳහා පමණක් අදාළ බවද අමාත්‍යවරයා පවසයි.