උතුරේ ජනතාවට රුවන්පුරයෙන් අතහිත
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ හටගත් ගංවතුර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමක් පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කන්ඩාවලයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 හි ජනතාව විසින් ලබා දුන් ද්‍රව්‍යමය ආධාර මෙලෙස කණ්ඩාවලයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවේ දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, කිළිනොච්චි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, කණ්ඩාවලයි ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කළ සියලුම දෙනාටත් තම ගෞරවනීය ස්තූතිය පුද කළාය.
නිවිතිගල - හසල බුද්ධික


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

