රත්ගම උණුසුම් වෙයි - STF කැඳවයි
බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය දක්වා රත්ගම හංදියේදි අද (23දා) රත්ගම පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළහ.
විරෝධතාකරුවන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය හා මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවිණ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය පැය කිහිපයකට නතරවී තිබූ අතර දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබුණි. දුම්රිය ගමනාගමනයට ද මේ හේතුවෙන් බාධා එල්ල විය.
උද්ඝෝෂණයට එම පුද්ගලයන් දෙදෙනාගේ ඥාතීන් ඇතුළු ගම්වැසියන් 300ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර එකම පොලිස් නිලධාරියෙකු හෝ දක්නට සිටියේ නැත.
මෙම ස්ථානයට විශේෂ කාර්යබලකායේ සෙබලුන් පිරිසක් පැමිණි අතර එහිදි ඔවුන්ට විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය එල්ලවිය. පසුව විශේෂ කාර්යබලකායේ නිලධාරින්ඉන් ඉවත්ව විරෝධතාවය පැවැත්වෙන ස්ථානයේ සිටි මිටර් 500ක් පමණ දුරින් රැක්වල්ලා සිටියහ.
මේ අතර මෙකි ස්ථානයෙන් යාමට පැමිණි ගුවන් හමුදාවේ පිරිසකට විරෝධතාකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද කියති.
උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර අතුරුදන්වූවායැයි කියන මංජුගේ පියාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ තාත්තාට කථා කරන්නේ මංජු බවයි.
ඒ අවස්ථාවේ තාත්තා කියා සිටියේ ඒ කථා කරන කටහඬ මංජුගේ නොවන බැවින් මංජුගේ උපන් දිනය හා උපන් ස්ථානය කියන ලෙසයි. එයට පිළිතුරු නොදුන් දුරකථනයෙන් කථාකළ පුද්ගලයා කියා සිටියේ තමන් මංජු බවත් තමන් කරදරයක් නැතිව හොඳින් සිටින බවත් ය. මංජුගේ මව සහ සහෝදරිය ලෙස පෙනී සිටිමින් වෙනත් කාන්තාවන් දෙදෙනකු ඇමතුම ගත් එම පුද්ගලයා සමග කථා කළද ඹහුට ඒ කථා කරන්නේ තම මව හා සහෝදරිය නොවන බව තේරුම්ගත නොහැකි විය.
මේ අවස්ථාවේදී පවුලේ ඥාතීන් කියා සිටියේ තම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා පොලීසිය තවත් ප්‍රෝඩාවක් කරන බවයි.
ජිනේෂ් නානායක්කාර/සිිිිරංගිකා ලොකුකරවිට











popular news
-
Awantha Saturday, 23 February 2019 05:34 PM
Noogaththu pirichcha gamak oaka.owa karahama ahinsaka minissu raasthiyadu wenawa.
Reply : 12 19
dhamneth Saturday, 23 February 2019 05:55 PM
තමුන්ට සිදුවුන අපරාදයට සාධාරණය ඉටුවිය යුතුයි.වැරදිකරුවන්ට නීතියෙන් දඬුවන් දියයුතුයි.නමුත් සිද්ධියට කිසුදු සම්බන්දයක් නැති ගුවන් හමුදා පිරසකට තුවාල සිදුකිරීම ,පාරවල් අවහිර කිරීම කිසිසේත් අනුමතකරන්න බැහැ සාදාරණයි කියා.
Reply : 0 20
Champa Saturday, 23 February 2019 06:18 PM
මරා දැමුණු දෙන්න ගැන හුගක් කනගාටුයි. නමුත් ඔය කියන දේට එහා ගියපු දෙයක් මේක යට තියෙන්න පුළුවන්. ඒ හින්දා පරීක්ෂණ කරගෙන යන්න ඉඩ දීල සන්සුන් වෙන එක තමා හොඳම දේ. මට තේරෙන්නේ නැති එකම දේ තමයි හැම අවුරුද්දෙම ජිනීවා සමුළුව එන කාලේ වෙන කොට මේ වගේ පොලීසිය හෝ හමුදාව අපකීර්තියට පත් වෙන දෙයක් නැත්නම් සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වෙන්නේ කොහොමද කියල? ගිය අවුරුද්දේ දිගන, මතකද? අනික මේ විදිහට දෙන්නෙක් අරන් ගිහින් නිකරුනේ මරල දාන්න පොලිසියට තිබ්බ උවමනාව මොකක්ද? අහු වෙන බව දැන දැනම පොලිසිය මෙහෙම දෙයක් කලේ ඇයි කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. අනික මේ හමුදාවේ වාහන වලට ගහන එක හරි STF හෝ හමුදාවට එරෙහි වෙන මෝඩ වැඩේ ආයේ කරන්න එපා. මේ වැඩේ සහ පසු උසිගැන්වීම් පිටිපස්සේ අනිවාර්යයෙන්ම දේශපාලකයන් ඉන්නවා. ජිනීවා සමුළුව ළඟ නිසාත් හමුදාව සහ පොලිසිය දිරවන්නේ නැති නිසාත් මම හිතනවා මේක පිටිපස්සේ ඉන්නේ යූඑන්පී දේශපාලකයෙක් හෝ පිරිසක් කියල. අනික හෙට අනිද්දා හිටපු ඇමරිකන් තානාපති සහ මානව හිමිකම් හොරනෑවක් වන සමන්තා පවර් ලංකාවට එනවා. තේරෙනවද මම කියන දේ. එතකොට මේ කතාව ලංකා පොලිසිය හා හමුදාවට එරෙහිව යොදා ගන්නවා. ඒක තමයි සැලසුම.
Reply : 11 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

