මිලියන 12 නොගෙවුවහොත් බන්දුලගේ දේපළ ප්‍රසිද්ධියේ විකුණයි
පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.
තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය වශ්‍යයෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදල් හා ඊට අදාළ පොළී මුදල් උපයා ගැනීම සඳහා එම ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී මෙම බැංකුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදල් ලබාගෙන එම ණය මුදල් හෝ ඊට අයවිය යුතු පොළී මුදල් නොගෙවා පැහැර හැරීම නිසා එම ණය මුදල හා පොළී මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩුව පවරා තිබිණි.

popular news
-
Nandana Tuesday, 26 February 2019 04:05 PM
මෙයා මහලොකුවට ආර්ථිකය ගැන කතාකරනවා, මේ හැමෝම කට්ටයි.
Reply : 0 7
chathuri Friday, 01 March 2019 06:46 PM
මෙයා හිතන්න ඇති. ඇමතිකම් දරපු නිසා. ආයතනය මෙයාට බයවෙයි. කියල , මේ වගේ. කට්ටිය. තමයි. රට ගොඩ ගන්න. කියල ඇවිත්. ,මේ කට්ටිය ගොඩ වෙනවා බලන්. ඉද්දි නඩුව ඇදගෙන. යයි නැවත චන්දෙන්. පත්වෙලා එනකම්ම ඇයි. රටේ. මුදල්. හොරකලා. ඇගට අමාරුවක් නැතිව ගෙවන්න පුළුවන්නේ , මෙතරම්. මුදලක් නයට. ගත්තේ , මහින්ද. හැමදාම රජකම්. කරයි. කියල හිතාගෙන ,හොරුන්ට වැරදුනේ අන්න එතන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

