විනාඩි දෙකේ වැඩේ තත්පර 20න් කරයි
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිත කිරීමෙන් තොර, නව මාර්ගගත ක්‍රමවේදයක් හදුන්වා දීමට සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (26දා) කටයුත කළේය.
ලෝකය පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට එයින් පිටවීමේ දී ශ්‍රී ලංකා රේගුව සහ ආගමන - විගමන කාර්යාල තුළ රාජකාරී කර ගැනීමට අමතරව සෞඛ්‍ය නිලධාරීන් හමුවේ සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කිරීමට ද සිදු වී තිබුණි.
මේ සදහා මෙම ගුවන් මගීන් තවත් අමතර විනාඩි 02 ක පමණ කාළයක් වැය කිරීමට සිදු වී තිබුණි . හදුන්වා දුන් නව මාර්ගගත ක්‍රමවේදය අනුව , එම කාලය තත්පර 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.
එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන්එම රටේ දී හෝ ගුවන් යානයේ දී හෝ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව www.airport.lk වෙබ් අඩවියේ පහත සබැඳිය https://www.airport.lk/health_declaration/index ඔස්සේ මෙම පද්ධතියට පිවිසීමෙන් හෝ ගුවන් තොටුපළ පැමිණීමේ පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති කිව්.ආර්.කේත සදහන් පුවරු වෙත ගොස් තම තොරතුරු ඉදිරිපත් කළ හැකිය.
ඒ අනුව තම එන්නත් ලබා ගත් කාඩ්පත සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ ක්‍රමය යටතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ. මෙමගින් ගුවන් මගීන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නොවේ.
මෙම නව ක්‍රමය මගීන් තත්පර 20 ක් වැනි කෙටි කාළයක් තුළ , කොරෝනා වසංගතය පිළිබඳව අවදානම ද අවම කර ගනිමින් , ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යා හැකිය. එමෙන්ම ගුවන් තොටුපළෙන් පිටවීමේ දී හමුවන ආරක්ෂක නිලධාරීන්ට ද මෙම ක්‍රමවේදය ඔස්සේම මෙම කරුණු ඉදිරිපත් කර ගුවන් මගීන්ට කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටතට යා හැකි වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට කටුනායක ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට ලක් කරන බව ද පැවසීය.


popular news
- 
                            
wasurathna Thursday, 28 October 2021 04:27 AM
Vinadi deke wede Masanamayak bade Kiyalai Ekalenan Kiyuwe.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                