මග්ගොන කුඩාව ධීවර වරායේ ගාල්කර තිබූ එක්දින ධීවර යාත්රාවකට අද (23දා) පස්වරුවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගිනිතබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.
මෙසේ ගිනිතබා ඇත්තේ පයාගල , මග්ගොන ප්රදේශයේ පදිංචි ධීවරයකුට අයත් එක්දින ධීවර යාත්රාවකට බව පොලිසිය කීය.
ධීවර යාත්රාවේ තිබූ දැල් ආම්පන්න ගින්නෙන් විනාශවී ඇති අයුරු දැකගත හැකිවිය .
ධීවර යාත්රාව තුල අමතර එන්ජිමක් තිබී ඇති බවත් එය අසල ඇති පාළු ළිදකට දමා ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.
ගිනි තැබූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවත් , සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පැවසීය.
සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර
