ලංකාවේ කුඩු ව්‍යාප්තියට වග කිව යුත්තේ දේශපාලඥයින්
ශ්‍රී ලංකාව ලෝකයේ හෙරොයින් ජාවාරම් කරන මධ්‍යස්ථානය බවට පත්ව ඇති බවත් ඒ සඳහා දේශපාලඥයින් වගකිව යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද (10දා) හික්කඩුවේ පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ලංකාව ලෝකයේ කුඩු මධ්‍යස්ථානය බවට පත්වෙලා. මේකට වග කියන්න ඕන දේශපාලඥයින්. ඉතිහාසයේ මින් පෙර නොතිබූ කුඩු තොග දැන් දැන් ශ්‍රී ලංකාවේ තියෙනවා. සෑම කුඩු වර්ගයක්ම තිබෙනවා. කුඩු, ගංජා ඇල්ලුවාම දේශපාලඥයින් ඒවා නිදහස් කරනවා. ආසන්නතම සිදුවීම තමයි උතුරේ කේරළ ගංජා ඇල්ලුවාම ඒවා නිදහස් කරන්න එහේ ඉන්න දේශපාලකයන් කටයුතු කරනවා.
රටේ කුඩු ව්‍යාප්තියට වගකිවයුත්තේ දේශපාලඥයින්. ඔවුන් කුඩු ගංජා මර්දනය කරනවා වෙනුවට කරන්නේ පොලීසිය කුඩුකාරයින්, ගංජාකාරයින් ඇල්ලුවාම ඔවුන් නිදහස් කරගන්න දේශපාලඥයින් කටයුතු කරනවා.”

popular news
-
Lal Thursday, 10 January 2019 07:17 PM
මහාත්තයෝ,වීදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහාන්න එපා.
Reply : 0 0
Lion Thursday, 10 January 2019 07:43 PM
අනේ may මනුස්සය කරන ලෝකෙටම හිනායන කතා
Reply : 0 0
rocky Thursday, 10 January 2019 08:25 PM
ඔබත් වග කිව යුතු කෙනෙක්. මීගමුව පැත්තේ එකෙක් අහු උනාම ඌව බේරගන්න වෙට්ටු දාපු හැටි අපට මතකයි!
Reply : 0 0
chathuri Thursday, 10 January 2019 08:42 PM
තමන්ගේ කාලයේ මහා පරිමාණයෙන්. කුඩු බිස්නස් කරපු. කට්ටියක්. ඇතුලේ. ඉන්නවා ලගදී බලන්න. ගියේ. නැත්ද , . පවුලේ. කට්ටියට. පුදුම සල්ලියක්. නේද. තියෙන්නේ. තෑගි. දෙන්නේ. හෙලිකොප්ටරයෙන් ඇවිත්. බිමට. දමලා මේ. ආණ්ඩුව. පලිගන්න. ඇතුලට. දැම්මද . බලය අහිමි වුනාම. තමයි රටට වෙලා තියෙන විනාසය පෙන්නේ එතකන් බලයෙන් මත් වෙලාහිටියේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

