රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නම් 17දාට පෙර ඕනෑ
රාජ්‍ය සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ නාමලේඛන ලබන 17 වැනිදාට පෙර ලැබීමට සලස්වන්නැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාලිපියක් මගින් තමන්ට දැනුම් දුන් බව අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා %අද^ පුවත්පතට පැවසීය.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවලට අදාළව ප්රධානීන්නම් කිරීම් සිදුකරගෙන යන බවදඅග්රාමාත්ය ලේකම්වරයා සඳහන් කළේය.
මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (16දා)සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
දැනටප්රධානීන් පත් කර නොමැති රාජ්‍ය ආයතනවල මතුව ඇති ගැටලුව ඉතා ඉක්මනින් විසඳෙනු ඇති බවදඔහු කීය.
ජනාධිපතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වන පරිදි උපාධිය වැනි කරුණු සලකා බැලීමට ගියහොත් ඇතැම් ආයතනවලට පත්කිරීම් සිදුකිරීමේදී ගැටලු ඇතිවිය හැකි බවත්, ක්ෂේත්රයේ පලපුරුද්ද හා වෘත්තීය පලපුරුද්ද අනුව එම ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමට සිදුවන බවත් ඒකනායක මහතා පැවසීය.
මේ අතර නව රජය යටතේ ඇතැම් රාජ්‍ය ආයතන සඳහා පත් කර ඇති ප්‍රධානීන්ට උපාධිය නොමැති බැවින් ඉවත් වීමට සිදුව ඇතැයි අමාත්‍යාංශ මට්ටමින් වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ චක්‍රලේඛය නිකුත් වීමට පෙර පත් කළ ක්ෂේත්රයේ පලපුරුදු හා අත්දැකීම් තිබෙන මෙම ප්‍රධානීන් තමන් මුහුණදී තිබෙන ගැටලුව සම්බන්ධව අදාළ අමාත්‍යාංශ භාර ඇමතිවරුන්ට දන්වා තිබෙන බවද වාර්තා වේ.

popular news
-
gunasena Tuesday, 15 January 2019 06:03 AM
උපාදිය හා පළපුරුද්ද තිබෙන අය ලංකාවේ නැති බව කීම පිළිගත නොහැකි. පත්තරේ දැන්වීමක් දල බලන්න.
Reply : 0 0
Rizna Tuesday, 15 January 2019 11:32 AM
මෙය ජනාදිපති තුමාගේ ඉතා හොඳ තීරණයකි. දැනට සංස්ථා සහ රජයේ ආයතන වල ඉහල කළමනාකාර තනතුරු වලට පශ්ච්හත් උපාධියක් තිබීම හා පළපුරුද්ද අනීවර්යයි. ඔවුන් පාලනය කරන සභාපති හා අද්යක්ෂක මණ්ඩල වලට අඩුම ගණනේ එම සුදුසුකම් තිබිය යුතුය්. නමුත් සහතික තිබ්බට ගොඩක් එව්වන්ට වැඩ බෑ. පළපුරුද්දට උසස්වීම් දෙන ක්‍රමයකුත් රජයේ සේවයට එතිකල යුතුය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

