විදුලි සෝපාන ලියාපදිංචි කිරීමට යෝජනාවක් - රවි
ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
විදුලි සෝපාන අක්‍රීය වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බැවින් මේ තීරණය ගත් බවද අමාත්‍යවරයා අද (07දා) පාර්ලිමේන්තු සභා වරයේදී පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"විදුලි සෝපාන සම්බන්ධයෙන් වගකීමක් ඇති කළ යුතුයි. මේ ගැන අපි ආණ්ඩුවේ කතාබහ කළා. මේ වන විට රට තුළ විදුලි සෝපාන 25,800ක් පමණ තිබෙනවා. මේවා ලියාපදිංචි කර නැහැ. මේ නිසා වසරකට වරක් විදුලි සෝපාන ලියාපදිංචි කළ යුකු බවට වන යෝජනාවන් අපි ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගම්මු" යැයි පැවසීය.
popular news
-
අනුර Friday, 08 February 2019 09:38 AM
පාර්ලිමේන්තුවේ උත්තමයෙකුට කරදරයක් වෙන්නම ඕන රටේ ජනතාවටත් එහෙම කරදර වෙනවනෙ කියල දැනෙන්න. මුන්ටික දවස් කීපයක් බස් එකෙයි කෝච්චියෙයි යැව්වනම් අඩුමගානෙ ප්‍රවාහන පහසුකම්වත් වැඩිදියුනු කරන්න හිතේවි....
Reply : 0 0
upul Friday, 08 February 2019 10:44 AM
LIFT වලටත් TAX 1 ක් ගහමුද ඇමති තුමෝ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

