බේරුවල පොලිස් වසමේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 138ක්
බේරුවල පොලිස් වසම තුළ කොවිඩ් 19 දෙවෙනි රැල්ල තුලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 138 දෙනෙකු අද (22) දින වන විට වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 52 දෙදෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ,ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද බේරුවල පොලීසියේ කොවිඩ් 19 වාර්තා අනුව සදහන් කරයි .
බේරුවල පොලිස් වසමේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවෙන් කොවිඩ් 19 සුවය ලැබූ 83 දෙනෙකු මේ වන විට සිටින බවත්, පොලිස් වසමේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රදේශ හා සංඛ්‍යාවන් වනුයේ ,මහගොඩ -19 ,මරදාන -15, චීන කොටුව -12, පරණ කඩේ-11, මස්සල්ගොඩ-10, පොල්කොටුව -10, කරදගොඩ-10, මාගල්කන්ද දකුණ -08, කංකානම්ගොඩ-07, අඹේපිටිය-06,මාලිගාහේන-06, මරක්කලාවත්ත-06, අක්කරගොඩ-04, හෙට්ටිමුල්ල -03, මාගල්කන්ද -03, බුබුලලන්ද-02, හෙට්ටියාකන්ද- 02,ඉදිරිලිගොඩ -01,වලතර-01 ක් ලෙසයි .
සමස්ත රෝගීන් 138දෙනා බේරුවල පොලිස් වසම තුල ගම්මාන 18ක හමුවී ඇති බව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතා පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

