මංගලගේ අයවැයට යෝජනා දෙන්න අවස්ථාවක්
2019 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සඳහා ඇතුළත් කළ යුතු යෝජනා ඇත්නම් පෙබරවාරි 11 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන මාර්තු 05 වැනිදා මෙම අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව අයවැය - 2019 සඳහා වන තම යෝජනා, අධ්යක්ෂ ජනරාල්, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ, [email protected] යන විද්‍යුත් තැපෑලට යොමුකළ හැකිය.
Please email or post your proposals for Budget-2019 before the 11th of Feb to the address given below.
— Mangala Samaraweera (@MangalaLK) January 24, 2019
Director General,
Dept. of Trade & Investment Policy,
The Secretariat,
Ministry of Finance and Mass Media,
Colombo 01.
[email protected]#lka
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
