නිදහස් උත්සවයේ ප්රධාන අමුත්තා මාලදිවයින් ජනපති
පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතය.
මේ පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්රී ලංකාවේ කළ පළමු නිල සංචාරයද මෙය වෙයි.

popular news
-
rocky Wednesday, 23 January 2019 06:51 AM
"නිකම් ඉන්න මට අහලා ගියත් ඇති" කියල කිවුවලු නේද? වෙන ඉතින් කවුරු එන්නද? උන්නැහෙත් බැහැ නොකියපු එක පුදුමයි!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
