අවුරුදු 100කට පසුව රුසියාවට විදේශ ණය ගෙවීමට නොහැකි වෙයි
සියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට රුසියාවට සිය විදේශ ණය පැහැර හැරීමට සිදුව තිබේ. රුසියාවට ඩොලර් මිලියන 100 ක ණයක් ගෙවීමට මුදල් තිබුණත් රුසියාවට ඒරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඔවුන්ට ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව තිබේ.
රුසියාවේ කීර්තියට මෙය විශාල පහරක් වන හෙයින් මෙම ණය පැහැර හැරීමෙන් වැළකී සිටීමට ක්රේම්ලීනය දැඩි වෙහෙසක් ගෙන තිබුණි. කෙසේ වෙතත් රුසියානු මුදල් ඇමති මෙම තත්වය "විගඩමක්" ලෙස හඳුන්වනු ලැබීය.
රුසියාව අවසන් වරට විදේශ ණය ගෙවීම පැහැර හැරියේ 1918 බොල්ෂෙවික් විප්ලවයේදී නව කොමියුනිස්ට් නායක ව්ලැඩිමීර් ලෙනින් රුසියානු අධිරාජ්‍යයේ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදීය.
ඩොලර් මිලියන 100 ක මෙම පොලී ගෙවීමට නියමිතව තිබුණේ පසුගිය මැයි 27 වැනිදාය. රුසියාව පවසන්නේ මෙම මුදල් යුරෝක්ලියර් බැංකුව වෙත යවා ඇති අතර බැංකුව හරහා එය ආයෝජකයින්ට බෙදා හැරීමට නියමිතව තිබුණි.
නමුත් Bloomberg News වාර්තා කරන්නේ එම ගෙවීම බැංකුව තුළ සිරවී ඇති ඒය ණය හිමියන්ට එය ලැබී නොමැති බවයි.
නියමිත දිනට දින 30 ක් ඇතුළත, එනම් ඉරිදා සවස මුදල් ආයෝජකයන්ට පැමිණ නොතිබූ අතර, එය ණය පැහැර හැරීමක් ලෙස සැලකේ.
popular news
- 
                            
Kumar Monday, 27 June 2022 04:22 PM
Ukerainey arkramanay nokara sityanam oya prashnaya athiwenney nahaney. punintapera sithabalanna kiyana eka danney nathiwa athineda.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                