උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුවීම හරහා සිසුන්ගේ අධ්‍යාපන අයිතියට බාධාවක් ඇතිව තිබෙන බවට නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ට මෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කරයි.
උසස්පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 දා සිට පෙබරවාරි 17 දා තෙක් විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට සුදුසු පියවර ගන්නා ලෙසද ඇය සිය ලිපියෙන් පවසයි.
