සමහරුන් ෆෙඩරල් බිල්ලෙක් මවා ජනතාව බය කරනවා
ෆෙඩරල් ගැන කියවන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නොමැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
වත්මන් රජය දෙමළ සන්ධානයට ෆෙඩරල් ලබාදෙමින් රට පාවාදීමට කටයුතු කරනවා කියමින් සමහරු නොයෙක් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා. ඒත් ෆෙඩරල් කියන එක ඒ ගැන කියන ලංකාවේ කවුරුත් තාම හරියට තේරුම්ගෙනවත් නෑ. මේ ආණ්ඩුවට උවමනාවී තිබෙන්නේ ලංකාවේ ආයෙත් යුද්ධයක් ඇති නොවන තැනකට රට ගෙනයන්නයි. සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාව ඒකීය රටක් තුළ එක්ව ජීවත් වීමයි අපට අවශ්‍ය.
ෆෙඩරල් කියන එක නොතේරෙන බබ්බු ටිකක් ෆෙඩරල් ෆෙඩරල් කියා කෑ ගැසුවාට එක්සත් ජාතික පක්ෂයවත් මේ රටට ආදරය කරනජනතාවවත් ඒ වචනයටවත් එකඟ නෑ.
ඒ වගේම අද බොහෝ දෙනා නඟන ප්රශ්නය විපක්ෂ නායකකම ගැන. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නෑ. කථානායකවරයාත් පාර්ලිමේන්තුවේ බහුතරයත් පිළිගන්නා පුද්ගලයා විපක්ෂ නායක ලෙස පිළිගත යුතුයි. පසුගිය කාලයේ බොරු අගමැතිවරුන් හිටියා. ඒත් කථානායකවරයා පිළිගත් අගමැතිවරයාව අපි පිළිගත්තා. ඒ වගේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත් අගමැතිවරයාවත් අපි පිළිගත්තා. ඒ වගේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා විපක්ෂ නායකවරයාවත් අපි පිළිගන්න ඕනෑ.
හාලිඇළ - විජේරත්න රත්නායක

popular news
-
Champa Sunday, 13 January 2019 05:08 PM
ෆෙඩරල් කොහොමද බිල්ලෙක් වෙන්නේ? ෆෙඩරල් නෙමෙයි නම් අලුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවාද? එහෙනම් ඒක ඇත ඇරලා දාන්න පුළුවන්නේ. කිරිඇල්ල කියනව ඉතිහාසේ පලවෙනි වතාවට සුළු ජාතික පක්ෂයක් අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දෙනවලු. මොකොට කියනවද? ඉතිහාසේ පලවෙනි වතාවට තමයි සියයට 76ක් ඉන්න බහුතරයේ මතය නොසලකා හැරලා, 11%ක් සුළු ජාතීන් කියන විදිහට රට බෙදල දෙන්නේ. බුද්ධාගමට ආයේ අලුතින් යූඑන්පී කාරයෝ ප්‍රමුඛත්වය දෙන්න දෙයක් නැහැ. ඒක සිංහල බෞද්ධ අපේ අයිතියක්. මේ රට අපේ සිංහල රජවරු ගොඩ නඟපු රට. මේ රට තියෙන්න ඕනේ එකක් විදිහට. සිංහල බෞද්ධ අපේ අයිතියට අත තියන්න එනවනම්, සුද්ධ සිංහලෙන් කියන්නම් රටටම. ආයේ කතා දෙකක් නැහැ. ඊළඟ ජනාධිපතිවරනේදී සහ මහා මැතිවරනෙදී දෙකේදීම, සිංහල බෞද්ධ ජනතාව හිතන්න ඕනේ පාට පක්ෂ හෝ නායකයෝ ගැන නෙමෙයි, රට ගැනයි සිංහල ජාතිය ගැනයි බුද්ධාගම ගැනයි විතරයි. ඒ හින්ද ඊළඟට එන චන්ද වලදී සිංහල බෞද්ධයෝ අනිවාර්යයෙන්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජාතිවාදී" වෙලා අනිවාර්යයෙන්ම චන්දෙ දෙන්න ඕනේ "සිංහල බෞද්ධයන්ට විතරයි." රටත් බෙදල, බුද්ධාගමත් නැති කරලා රට අනාගමික කරන්න හදන ඔක්කොටම් හොඳ පාඩමක් උගන්නන්න ඕනේ. වරෙල්ලකො චන්දෙට.
Reply : 1 0
Nandana Monday, 14 January 2019 05:46 PM
චම්පෝ මොකද ඔය කබල තාම එහෙම දෙයක් තියා කෙටුම්පතක් වත් ඔයාට ලැබුනද?. We srilankan keep good eye on this new forthcoming constitution
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

