උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය 24 දින රාත්රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්රදේශයේ නුගවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .
අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි .
ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Samson de silva Tuesday, 27 July 2021 08:42 AM
Meyaata awashya uda saha yata andum athi tharam thibunada? Nathnam amathithumaata kiwwanam hari. Andum aragena awith andawalaama yaawi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

