මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණ වාර්තාව ලැබේ- යුද අපරාධ බොරු වෙයි
මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.
මේ අනුව ඇමරිකාවේ ෆෝරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයට ලබා දුන් මන්නාරම් සමූහ මිණීවලෙන් රැගත් සාම්පල 6යේම වාර්තාව අද දින ප්‍රසිද්ධියට පත් කරමින් එළි දක්වා තිබුනේ සමූහ මිණීවලේ ඇටසැකිලි වල කාල නිර්ණය අනුව වර්ෂ1400 ත් 1719ත් අතර කාලයට අයත් බවයි.
මන්නාරම් මහේස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ නියෝගය පරිදි අද දින මෙසේ සමූහ මිණීවලේ කාබන් වාර්තාවන් ප්‍රසිද්ධියට පත් කෙරුණේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් මන්නාරම සමූහ මිණීවලේ නඩුව අද (07) දින මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.
මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ ඇට සැකිලි පසුගිය යුද සමයේදී සිදු වූ යුද අපරාධයක් යැයි චෝදනා නැගූ පාර්ශවන්ගේ ප්‍රකාශයන් සාවද්‍ය වන බවට ඔප්පු වෙයි.
කෙසේ වෙතත් උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයින් කියා සිටියේ මෙම සමූහ මිණීවල පෘතුගීසි ලන්දේසි සමයේ සිදුවූවක් බවට මේ වන විට ඔප්පු වී ඇති හෙයින් මෙහි කැනීම් ඉදිරියටත් සිදු කිරීම අර්ථ ශූන්‍ය බවටය.

popular news
-
Champa Thursday, 07 March 2019 07:32 PM
හා හා හා හා පෘතුග්‍රීසි කාලේ තිබ්බ හද්ද පරණ කනත්තක්!!!! දැන් මේක හොයන්න මිලියන් කීයක් වියදම් කලාද?
Reply : 0 3
polishpathi Thursday, 07 March 2019 07:54 PM
ඔක්කොම මිනි ඔලු ටික මන්නාරම රදගුරු තුමන්ට යවන්න මේවා පෘතුගීසින් කරන ලද සමුල ඝාතන වලින් කොටසකි
Reply : 0 106
ranjith Friday, 08 March 2019 04:36 AM
මේ රටේ මිනිස්සුන්ගේ මුදල් නේද මේ විනාස කරන්නේ සොහොන් හරන්නද තියෙන්නේ වෙන වෙදා නෙතිද
Reply : 2 0
Gihan Sunday, 10 March 2019 12:31 AM
Oka ayevwahaddi ranilawai anurayawai dala wahapan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

