මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට
නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීම සිකුරාදා (24 වැනි දින ) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.
නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ ඇති බව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.
තවද මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බවට මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වි තිබේ.
නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගයද මෙහිදි ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය .
මේ සම්බන්ධයෙන් කථනායකවරයා, නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවට ද මෙහිදි තීරණය කරන ලදි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව , කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (24 වැනි දින ) සවස පැවැත්වුණු අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපකනායක සජිත් ප්‍රේමදාස මහතා,හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පා.ම තලතා අතුකෝරාළ මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන්. සෙල්වකුමාරන් මහතා ආදීහු සහභාගී වූහ.

popular news
-
Champa Sunday, 26 January 2020 07:38 PM
එක විනිසුරුවරයෙක් නෙමෙයි අනිත් විනිසුරු දෙන්න ගැනත් ක්‍රියා කරන්න ඕනේ. ඒ දෙන්නටත් පොලිසි ගානේ යන්න කියපු එක වැරදියි. මේ නීතිපතිට කලින් හිටපු නීතිපතිත් ක්‍රියා කලේ මෙහෙම. නීතිපතිම නීතිය අවනීතිය කරන එක බරපතල වැරද්දක්. හරි නම් ඔහුව සේවයෙන් ඉවත් කල යුතුයි. අනිත් එක්කෙනාට උසස්වීමක් ලැබුණු නිසාද දන්නේ නැහැ ඒ පාරේම යන්නේ. අනික නීතිපති ස්වාධීනව වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඔහු වැඩ කරන්නේ පවතින රජය සහ ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

