අනතුරකින් නවතා ලිය නොහැකි වූ චන්දනගේ ගමන
රිය අනතුරකින් සිය පාදය අහිමි වුවද ජීවිතය පරාජය නොවන දිරිය තරුණයෙකු පිළිබඳ පුවතක් දඹුල්ල පහලවැව ගම්මානෙන් වාර්තා වෙයි.
ඔහු නමින් එම් .ජී . චන්දන කුමාර කරුණාදාස එක්දරු පියෙකි. කුඩා කාලයේ සිටම ක්‍රිඩාවට දස්කම් පෑ චන්දන දඹුල්ල ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩා කළේය.
පසුව විවාහ වීමෙන් පසු චන්දන පෞද්ගලික ආයතනයක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී හදිසියේ සිදු වූ රිය අනතුරකට ලක්ව ඔහුගේ පාදය ඉවත් කිරීමට සිදුවී තිබේ. එහෙත් චන්දන ක්‍රිඩාවට සමු නොදී තවමත් ගම්මානේ ක්‍රිකට් සෙල්ලම් කිරීම අමතරව පස්වරු කාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ නිරතවන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
තරුණයන් දෙපාවලින් එහෙ මෙහෙ දුව පැන වොලිබෝල් ක්‍රීඩා කරද්දී ඒ අයට සමානවම තනි කකුලකින් චන්දන මහතා වොලිබෝල් ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.
චන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින් ත්‍රීරෝද රථයක් පදවමින් සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.
කොපමණ ආර්ථික දුෂ්කරතා තිබුණද ඔහු සිය බිරිඳ සහ දියණිය සමඟ සතුටෙන් ජීවත් වන බව සඳහන් කළේය. කෙසේ වෙතත් තවමත් චන්දන ට අංගසම්පූර්ණ නිවසක් නැතත් කුඩාවට කාමරයක් සාදාගෙන බිරිඳ සමඟ එහි වාසය කරනු ලබයි.
දෙපා ඇති බොහෝ දෙනා දෙපා නැති අය මෙන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී එක් පාදයක් අහිමි චන්දන එහි අඩුපාඩුව මකා ලමින් එක කකුලකින් සිදුකරන ක්‍රියාකාරකම් අගය කළ යුතුව තිබේ.
ඒස් කරුණාරත්න
popular news
-
Champa Tuesday, 28 August 2018 04:16 PM
මට මේක බලන්නත් අමාරුයි ඇත්තම කිව්වොත්. රටෙන් භාගයකට වඩා පිරිමි ඔහේ බිබී ඇවිදින රටේ චන්දනගේ ආත්ම ශක්තිය සහ ධෛර්යය ලොකු ආදර්ශයක්. ක්‍රීඩාවට දක්ෂ නිසා ඒ අංශයෙන් ඔහුට අවශ්‍ය ආධාර උපකාර දෙන්න ඕනේ. විමල් නිවාස ඇමති කාලේ හදපු ජාතික නිවාස ප්‍රතිපත්තිය විදියට, ගෙයක් නැහැ කිව්වා හින්ද ගෙයක් හදල දෙන එක නිවාස අමාත්‍යංශයේ වගකීමක්. ඒ එක්කම ඔහුට ව්‍යාපාරයක් පටන් ගන්න හෝ දැනට කරන සුළු ව්‍යාපාරය දියුණු කරගන්න රජය අතහිත දෙන්න ඕනේ. ඔබට ජය පතනවා චන්දන! අනාගතේ ඉතාම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

