පිලිපීනයේ සිටින ලාංකිකයන්ගේ ගැටලු විසඳනවා - ජනපති
තම රාජ්‍ය සංචාරයත් සමග නව ප්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්ටේ මහතාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ (17දා) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර, එහිදී ජනාධිපති මේ බව ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන්ගේ ගැටලු මෙහිදී ජනාධිපති වෙත ඉදිරිපත් කෙරිණි.
උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගැටලු, වීසා ලබාගැනීමේ දී මතුවන ගැටලු ආදි කරුණු මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර, එම සියලු ගැටලු පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපති පිලිපීන රජය සමග සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සඳහන් කළේය.
මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයාගේ සහ රජයේ කැපවීමද අගය කරන බවත් ලංකාවට ද ප්‍රබල අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම වෙනුවෙන් තම මඟ පෙන්වීමෙන් කි‍්‍රයාත්මක පුළුල් වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළේය.

popular news
-
Batangala Friday, 18 January 2019 12:53 PM
දැන් එතකොට පිලිපීන ඉන්න කට්ටියගේ ප්‍රසන විසදන්නේ මෙහෙ ජනතාවගේ කිසිම ප්‍රස්නයක් නැද්ද? අනේ මෙහෙමත් විහිලු කතා.
Reply : 0 5
Champa Friday, 18 January 2019 04:18 PM
අන්දකයිප්පු කාල. ඊළඟ ජනාධිපති විදිහට මේ තමයි මහින්දගේ තේරීම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

