රථවාහනවලට ආරක්ෂිත චිපයක් සහිත ස්ථිකරයක්
රථවාහන ඉතිහාසයේ ප්රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
රථවාහන අක්රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීම සඳහාත් මෙලෙස නව තාක්ෂණය සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ චිපය සහිත ස්ටිකරය රථවාහනවල ඉදිරිපස වීදුරුවේත්, යතුරුපැදිවල හා ට්රැක්ටර් රථවල ඉදිරිපස ප්රධාන විදුලි ලාම්පුවේත් සවිකිරීමට නියමිතය.
විදුලි ලාම්පුවේ පවතින උෂ්ණත්වයට ගැළපෙන ලෙස හා විදුලි ධාරාවට හානි නොවන ආකාරයට මෙම ස්ටිකරය සකස් කර තිබෙන බවද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුලින්ම මෙම ක්රමය අලුතින් ලියාපදිංචි වන සියලුම වාහනවලට හඳුන්වාදීමට නියමිත අතර, ඉන්පසුව දැනට භාවිත කරන වාහනවලට හඳුන්වාදීමට නියමිතය.
මෙම චිපයේ ඇති දත්ත හඳුනාගැනීම සඳහා පොලීසියට උපකරණ ලබාදීමටද සැලසුම් කර තිබේ.
මෙම ස්ටිකරය සවිකර තිබෙන වාහනවල, යතුරුපැදිවල සහ ට්රැක්ටර් රථවල අංක තහඩු වෙනස් කර තිබේද යන්න පවා සොයාගැනීමට හැකියාව තිබෙන අතර, ස්ටිකරය ගැලවුවහොත් යළි එය නැවත ඇලවීමට නොහැකි ආකාරයට සකස් කර තිබේ.

popular news
-
Champa Friday, 18 January 2019 10:15 AM
මේ වගේ ඒවා සමහර රටවල තානාපති නිලධාරීන්ගේ වාහන වලට දීල තියෙනව ආරක්ෂාවට. උදාහරණයක් කවුරු හරි වාහනයක් හොරකම් කරලා අරන් ගියොත් එක මොහොතෙන් බලන්න පුළුවන් ඒක තියෙන තැන. මේකෙන් ඕනේ කෙනෙකුට පුළුවන් තමන්ට කැමති කෙනෙක්ගේ වාහනේ කොහෙද තියෙන්නේ යන්නේ කොහෙද අරක මේක හොයන්න. මේ වැඩේ දෙපැත්තක් තියෙනව. මේක අනිවාර්ය කලොත් මේ තොරතුරු වැරදි අතකට ගියොත් VIP VVIP හෝ වෙනත් දේශපාලන හෝ ආගමික නායකයන්ගේ ජීවිත වලට වුනත් සැලසුම් කරලා අනතුරු කරන්න පුළුවන්.
Reply : 1 4
Bhathiya Friday, 18 January 2019 12:50 PM
මොකක් කරත් වරදක් වෙන්න පුළුවන්. කරන විදියෙයි ප්රශ්නේ තියෙන්නේ. කරන දේ නම් හොඳයි කියල හැමෝටම තේරෙන්න ඕනේ.
Reply : 0 1
manoj Saturday, 19 January 2019 12:51 PM
Champa කියල තියන විදිහට නං මේක GPS සිස්ටම් එකක් නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

