ශ්රීලනිපය යළි කැඩිමේ කුමන්ත්‍රණයක්
- 13 10 2021
- 06:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.
එම කුමන්ත්රණවලට මුහුණ දීම සඳහා ජාති භේදයකින් තොරව පක්ෂ පාට නොබලා සියලූ දෙනා ඒකරාශි විය යුතු කාලය එළඹ ඇතැයි ද දිවංගත සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනියගේ විසි එක්වැනි ගුණසමරු උත්සවය නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති අවස්ථාවේදී මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ගමින් ගමට, ගෙයින් ගෙයට ගොස් බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට එකගව කීර්තිමත් රටක් ගොඩනැගීමට එක්ව කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
