හමුදාපතිගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මිය යයි
මුලතිව් පුලයන්කුලම් ප්රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්රදේශයේදී අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.
අද දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මුලතිව් දිස්ත්රීක්කයට පැමීණීම හේතුවෙන් යුද හමුදාපතිතුමන්ද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාපතිතුමන්ගේ ආරක්ෂක ජිප් රථයක් මුලතිව් සිට වවුනියාව දෙසට ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
එහිදී යුද හමුදා ජිප් රථය ගමන් කරන අවස්ථාවේදී මාර්ගය හරහා ගවයෙක් පැන ඇති අතර එහිදී ගවයා බේරීමට යාමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ජිප්රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ තල් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද කමාණ්ඩෝ සෙබලුන් වහාම මුලතිව් මහරෝහලට ඇතුලත් කල අතර එහිදී යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් ඇති අතරම තවත් බරපතල තත්වයේ සිටි සිව් දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා වවුනියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරින් කමාන්ඩෝ මේජර්වරයෙකු හා කෝප්රල්වරයෙකු මිය ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කරන නෙඩුන්කේනි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.


popular news
-
Champa Monday, 21 January 2019 04:57 PM
What ? අයියෝ, හරකෙක් පැන්නා? සතෙක් පැන්නහම මිනිස්සු හැම තිස්සෙම සතාව බේරන්න තමයි හිතන්නේ. හරිම කණගාටුයි මිය ගිය commando දෙන්න ගැන සහ තුවාල වුනු සෙබළු ගැන.
Reply : 56 1
ase Thursday, 24 January 2019 12:49 PM
මෙය මෙවැනි පළමු අනතුර නොවේ නේද ?? මහාමාර්ග නීති කඩ කරමින් , අදි වේගයෙන් සමහර හමුදා වාහන පදවන විදිය දැක්කම පුදුමයක් නොවේ මෙවැනි අනතුරු වීම:
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

