’කයිවාරු මුතු’ කටුනායකට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් කයිවාරු මුතු නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර 11/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිය දී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කඩුවෙල , කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි , 30 හැවිරිදි මොහු ප්‍රදේශයේ මිනීමැරීම් ගන්නාවකට සහ තවත් අපරාධ ගනනාවක විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි .
මොහු ඉකුත් 2020.11.04 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර , ඉන්පසුව එරට වැසියෙකු සමග ගැටුමක් ඇති කර ගෙන , එරට අධිකරණය මගින් වැරදිකරු වී , බන්ධනාගාර ගත වී සිටි අයෙකි .
පසුව එරට බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු , 11/06 දින අලුයම 01.50 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා තිබුණි .
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ ගුවන් ගමන් තහනමක් මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දැනුම් දීමෙන් පසු , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
මොහු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , වැඩිදුර විමර්ශන කටයුතු සදහා නුගේගොඩ , බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත දැඩි රැකවල් මධ්‍යයයේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
