පෙර පාසල් ගුරුවරුන්ට රු 250 වෙනුවට රු 2500ක්
පෙර පාසල් ගුවරුවන් සදහා දැනට ලබාදෙන රුපියල් 250 මාසික දීමනාව රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මෙහි පළමු අදියර ලෙස සුදුසුකම් සපුරා ඇති පෙර පාසල් ගුරුවරුන් 25,000කට මෙම දීමනාව හෙට (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට නියමිතය.
ප්‍රතිලාභීන් තෝරාගැනීම සදහා ක්ෂේත්රයේ ගුණාත්මකභාවය රැකෙන පරිදි වැඩිදියුණු කරන ලද නිර්ණායක ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අදළ ගුරුවරුන්ගේ වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර, 65ට අඩුවිය යුතුය, ගුරුවරුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබීම හා පෙර පාසල් පිළිබද මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ යටතේ ලියාපදිංචි ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය සංවර්ධනය/ පෙර පාසල් පිළිබද ඩිප්ලෝමාවක් තිබීම හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය/ පෙර පාසල් පිළිබද එක් අවුරුදු ඩිප්ලෝමා/ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම හෝ තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ප්රතිකනය කරන ලද පුහුණු ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය / පෙර පාසල් පිළිබද ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්යය වේ.
මෙම නිර්ණායක ද සමග අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තවත් නිර්ණායක 7ක් ඉදිරිපත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

