ළහිරු යොවුන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනයි
සෙනගාලයේ ඩකාර් නුවර පැවති 2026 , 04 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා ශූරතා තරගාවලියට (04 th Youth Olympic Games - 2026 ) , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 1,500 ධාවන ඉසව්වට සහභාගී වී එයින් රිදී පදක්කම හිමි කර ගත් ළහිරු අචිත්ත 11/14 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගාවලිය 2022 වසරේ පැවැත්වීමට නියමිත තිබූ අතර , ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගත තත්වය නිසා 2026 වසර දක්වා කල් දැමීමට මෙම තරග සංවිධායකවරුන් පියවර ගෙන තිබේ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 205 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,655 කගේ සහභාගීත්වයෙන් , ක්‍රීඩා ඉසව් 25 ක් යටතේ ඉකුත් 10/31 දින සිට 11/13 දින දක්වා පවත්වා තිබූ අතර , මෙයට බොහෝ රටවල සරණාගතභාවය ලැබූ කණ්ඩායම් ද සහභාගී වී සිටියහ.
යොවුන් ඔලිම්පික් තරගාවලියක පළමු වරට රිදී පදක්කමක් දිනා ගත් අවස්ථාව වන අතර , මීට පෙර 2018 වසරේ දී ආජෙන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර පැවති 03 වන යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී වසන්ති පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාව මීටර් 3,000 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබුණි.
ළහිරු අචිත්ත බහරේන් හි පැවති යොවුන් ආසියානූ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ක්‍රීඩාව අතහැර සිටියදී රත්නපුර කුමර විද්‍යාලය වෙත භාර ගෙන කෙටි කාළයක් තුළ යළිත් ක්‍රීඩාවට අවතීර්ණ කිරීමට පියවර ගෙන තිබුණි.
ළහිරු අචිත්ත 11/14 දින උදෑසන 05.45 ට ඉස්තාම්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා ළහිරුගේ මව , පවුලේ සාමාජිකයන් , රත්නපුර කුමර විද්‍යාලයයේ විදුහල්පති , ගුරු භවතුන් , වත්මන් සහ ආදී සිසුන් , ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
