ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) සමගින් ගිවිසුම් ගතව ඇත.
මේ සම්බන්ධයෙන් මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ, ළහිරු තිරිමාන්න සිය පවුලේ අය සමගින් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත්, ඔහු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වූ බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා විස්සයි20 කාණ්ඩ ත්‍රිත්වයම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන තිරිමාන්න, වර්තමානයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළබෙන විස්සයි20 ලෝක කුසලානය අවසන් වනතෙක් ටෙස්ට් තරගාවලියක් නොමැත.
තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42කට ක්‍රීඩා කර ඇත. එමෙන්ම ඔහු එක්දින තරග 127කට හා විස්සයි20 තරග 26කටද ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයට අයත් නැගෙනහිර ක්‍රිකට් සංගමයේ 03 වැනි කාණ්ඩයෙන් මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරයි. මෙම කාණ්ඩයේ එළබෙන 2021/22 තරග වාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වනවිට එක්ව සිටිති.
ශ්‍රී ලංකා හිටපු නායක ටී.එම්. ඩිල්ෂාන් මෙම කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන අතර, මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් උපුල් තරංගද මෙහි ක්‍රීඩා කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය මහතා මෙහි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, අනූෂ සමරනායක මහතා සහය පුහුණුකරු ලෙසත් කටයුතු කරයි.

popular news
-
සුනිල් ප්‍රනාන්දු Thursday, 19 August 2021 08:07 AM
මෙම යොජනාව කොතරම්. හොඳ වුවද රටේ තත්වය නොතෙරෙන. ඇමති වරයෙක්ද මුදල් ඇමති කියලා ජනතාව ට හිතෙන එක දඩුවම් දීලා වත් නවත්වන්න බෑ. මෙවා හොදයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.ජනාධිපති ගැන තැබූ බලාපොරොත්තු තවත් ප්‍රමාණයක් අඩු වුණා. අනෙ අපෙ සර්ව ජන චන්ද දෙකකට ගිය කලක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

