ළදරු කිරිපිටිවල හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වල හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්වීමකදි අනාවරණය විය.
විශේෂයෙන්ම ළදරු කිරිපිටිවල හිඟයක් පවතින බව මෙහිදි දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පෙන්වා දෙන ලදි. නිවෙස්වලට භාණ්ඩ යැවිමේ යාන්ත්‍රණය සකස් කිරිමේ දී මෙම තත්ත්වය ඇතිවූ බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පෙන්වා දෙන ලදි
මේ පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය දැනුවත් කරන ලෙස ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා විසින් ආණ්ඩුකාර ලේකම් ඩිලේකා කුඩච්චි මහත්මිය වෙත දැනුම්දෙනු ලැබිය.
පවතින හදිසි තත්ත්වය යටතේ පළාත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක විය යුතු විශේෂ වැඩසටහන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ මෙම කමිටු රැස්වීම දකුණු පළාතේ උසස් රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.