හෝර්ටන්තැන්න වනෝද්‍යානයට හානි කර තිදෙනෙකුට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මන්පෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.
කොළඹ හා නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හට මෙසේ දඩ නියම කෙරිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ස්වාභාවික පිහිටි මාර්ගවලින් බැහැරව ගොස් බේකර්ස් දිය ඇල්ල ආශ්රිත ජල පෝෂක කලාපයට හානි සිදු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
එක් අයෙකුට එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් චෝදනා දෙකට රුපියල් 50,000ක මුදලක් වශයෙන් තිදෙනාට රුපියල් 150,000ක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග කළේය.
නුවරඑළිය - ශාන් හුලංනුගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

