හෝර්ටන්තැන්න වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැක්කේ සංචාරක කණ්ඩායම් 50කට පමණයි
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
කෝවිඩ් 19 වෛරසය පැතිරීයාමත් සමග මාස තුනක පමණ කාලයක් සම්පුර්ණයෙන් වසා දමා තිබු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් දිනපතා විවෘත කොට ඇති බවත්, වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත ඇති බවද ඒ මහතා කීය.
පස්වරු 2.00 න් පසුව වනෝද්‍යානයට කිසිම පුද්ගලයෙකු ඇතුලත් කර නොගන්නා බවත්, දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බැවින් හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන පිරිස් හැකිතාක් උදෑසනම පැමිණීමෙන් සිදුවිය හැකි දුෂ්කරතා සහ අපහසුතාවයන් මග හරවා ගත හැකි බවද ඒ මහතා පැවැසීය.
දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා ස්වාභාවික මංපෙත් සියල්ලම වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට ඇති බවද හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
ශාන් හුලංනුගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
