හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එහෙත් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට ඇඳන් 60කින් යුත් අංගසම්පූර්ණ වාට්ටුවක් වෙන් කර ඇති අතර පසුගිය මාස තුනක කාලය තුළ හෝමාගම මූලික රෝහලෙන් නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ඇති බවද වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ අතර සාමාන්‍ය ප්‍රතිකාර කිරීම් ඉකුත් 29 දා ආරම්භ කළ අතර බාහිර ප්‍රතිකාර ඒකකය 30 දා සිට ප්‍රතිකාර කිරීම් ආරම්භ කර තිබේ.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීම් සිදු කරනු ලැබුවේ සායන මගින් පැමිණෙන රෝගීන් සඳහා පමණක් වන අතර පසුගිය 6 වැනිදා සිට 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන රෝගීන් ද භාරගෙන ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එසේම ප්‍රසව හා නාරි රෝග සඳහා ප්‍රතිකාර කෙරෙන ළමා රෝග වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 1990 ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන කිසිදු රෝගියෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලට භාර නොගන්නා බවත් එවන් රෝගීන් හෝමාගම මූලික රෝහලට නොඑන ලෙසත් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වලට යාමට පියවර ගන්න ලෙසත් රොහල් අධ්‍යක්ෂකවරයා රෝගීන් ගෙන් ඉල්ලා සිටි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න