හොටන්තැන්නේ කූඩාරම් ගසාගෙන සිටියාට 120000ක් දඬ
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුවී අනවසර ලෙස රක්ෂිතයේ රැඳී සිටීම, නීති විරෝධි ලෙස කූඩාරම් අටවාගෙන ලැඟුම්ගෙන සිටිම, තහනම් මාර්ග භාවිතා කිරීම, යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද විදේශිකයන් දෙදෙනෙකුට එක් චෝදනාවකට රුපියල් 20000 ක් බැගින් එක් අයෙකුට රුපියල් 60000 ක් බැගින් දෙදෙනාට රුපියල් 120000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (22දා) නියෝග කළේය.
චෙක් ජනරජයේ සිට සංචාරයක් සඳහා මෙරට පැමිණි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ දඩ නියම කෙරිණි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහායක උපුල් ශාන්ත, රියදුරුවරුන්වන චන්ද්‍රලාල් හා සුනිල් හතුරුසිංහ යන නිලධාරී මහතුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.
ශාන් හුලංනුගේ

popular news
-
chathuri Friday, 22 March 2019 07:58 PM
දඩය ගහන එක. නෙමේ. ප්‍රදහන. කරණය ඔවුන්ගේ ආරක්ෂාව විදේශිකයන්. මේ විදියට ඉන්න කැමතියි , අපේ රට එයට සුදුසු නැහැ ඔවුන්ට. කාරුණිකව පහද දෙන්න වැරදි මාර්ග හදා ගන්න. විදියක් නැහැ අපේ අයට කොහොමත් වැඩක් කරන්න. ගියාම කෙටිමර්ග නැහැ අවුරුදු ගානක්. යනවා. පොඩිදෙකට. මෙවැනි. දේවල් කරන්න විදේශිකයින්ට ආරක්ෂා කාරී ස්ථාන හොයල. දෙන්න. මේවිදියට. දඩුවම්. කෙරුවොත් නැවත. එයිද . මිට. කලින් මෙවැනි දේවල් සිදුවෙලා. නැති නිසා සමාව දෙන්න , මුදලට වැඩිය , මිනිසාගේ අසාවන්. බලන්න.
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

