හෙරෝයින් මත්ද්‍රව්‍ය ඡාවාරමේ නියලි සිටි ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
හම්බන්තොට සහ මාතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසකට කාලයක සිට හෙරොයින් මත්කුඩු බෙදාහැරි බව කියන ජාවාරම්කරුවකු සහ ඔහුගෙන් මත්කුඩු මිලදී ගත් බව කියන 20 දෙනකු අද (7) තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු කියති.
මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මාතර දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි “712” යන අන්වර්ථ නාමයකින් හඳුන්වන අයකු බවද අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 350ක් ඔහු සතුව තිබූ බවද නිලධාරිහු කියති.
සැකකරු තංගල්ල නගරයේදී යතුරුපැදිකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් තංගල්ල පල්ලිකුඩාව, මොරකැටිආර, විතාරන්දෙණිය සහ බෙලිඅත්ත අවට පදිංචිකරුවන් වන බවද අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 130 සිට මිලිග්‍රෑම් 300 දක්වා වන ප්‍රමාණ බැගින් මත්කුඩු ග්‍රෑම් හතරක් සහ මිලිග්‍රෑම් පනහක් විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනිෂා මානගේ

popular news
-
rocky Sunday, 07 June 2020 08:41 PM
දැන් තංගල්ල කියන්නේ අපරාධ මධ්‍යස්ථානයක් වගෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

