අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කුඩු ජාවාරම්කරුවන්ට යළි විකිණීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් නිලධාරීන් සිව්දෙනෙකු පොලීසිය ඇතුලේම සිටින බව නීතීපති දප්පුල ද ලිව්රා මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා දේශණයක් කරමින් අවධාරණය කරන ලදී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ භාණ්ඩ භාරකරුත් මෙම සිද්ධියේ සැකකරුවෙකු බව පෙන්වා දුන් නීතීපතිවරයා ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඇතිවිය හැකි පළවිපාකයන් සම්බන්ධයෙන්ද ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
මෙම අපරාධයට සම්බන්ධ එක් සැකකරුවකු පොලීසිය මඟහරින බව වැඩිදුරටත් පෙන්වා දුන් නීතීපතිවරයා අපරාධ වලින් සොයන කළු සල්ලි ‘උන්ඩියල්’ හා ‘පවාලා’ ක්‍රම මඟින් රටින් පිටකරන බවද ඉහළ පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කුඩු ජාවාරම්කරුවන්ට විකිණීම ඇතුළු විවිධ අපරාධයන් සඳහා පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතාවයන් මෙන්ම අධීක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කරන වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ කාර්ය භාරය පෙන්වාදීම සඳහා නීතීපතිවරයා විසින් දේශණයක් කරමින් මෙසේ පැවසීය.
මෙම දේශණය පැවැත්වීම ස`දහා කොළඹ ඕල්කොට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි උත්සව ශාලාව පැමිණි නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරීස්, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර, නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය, ඇතු`ථ පිරිස පිළිගනිමින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් කතාවක් පැවැත්විය.
ඉන් අනතුරුව එහි රැස්ව සිටි පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සිය දේශණය ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.
“ඉතිහාසයේ කවදාකවත් සිදුනොවු දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අද වෙලා. පොලීසිය කෙරෙහි මහජන විශ්වාෂය පළුඳු වෙලා තියෙනවා එවැනි අවස්ථාවක නීතීපතිවරයා වශයෙන් මෙවැනි දේශණයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නෑ” යැයි පවසමින් සිය දේශණය ආරම්භ කළ නීතීපති දප්පුල ද ලිවේරා මහතා “දුෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරී කරන්න බැරි වෙනවා. දුෂිතයින් පන්නාදමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම් ඉස්සරහට අපිට රටක් නැති වෙනවා” යැයිද පැවසීය.