ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇත.
වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ජල කප්පාදු කරයි.
කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
