අධ්‍යාපන සේවාවට දේශපාලන හිතවත්කම් මත බඳවාගැනීමට සකස් කළ නාමලේඛනය තාවකාලිකව නවතා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.
අද (25දා) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ලබාදුන් බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකෝරළ මහතා සඳහන් කළේය.
මේ නිසා හෙට (26දා) පාසල් හා අධ්‍යාපන කොට්ඨාස, කලාප කාර්යාල, ගුරු විද්‍යාල සහ ගුරු මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ එක්දින වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමූ බවද ඒ මහතා කියා සිටියේය.
