හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 22 ක් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
අසාදිතයන් 22 පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර මේ මස (25) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව එම 22 කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
නව අසාදිතයන් 22 බගවන්තලාව නගර සිමාව, බොගවාන, කැම්පියන්, කිව් වතු යාය, වෙන්චර් වතු යාය, කර්කස්වොල් යන වතු යායවල් වල පදිංචිකරුවන් බවත්,බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 526 දෙනෙකු හදුනාගෙන ඇති බවත්,කොවිඩ් මරණ 14 ක් මේ වන විට සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.