හිමිනමක් ලෙස පෙනී සිට කෝටි 4ක් වංචා කරලා
අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ආගන්තුකව රැඳී සිටිමින් කැනඩාවේ රස්සාවල් ලබාදෙන බව පවසා රට වටේම තරුණයින්ගෙන් රුපියල් ලක්ෂ හාරසීයක් පමණ මුදලක් ලබාගෙන ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින ව්‍යාජ චීවරධාරියෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව අහුන්ගල්ල පොලිසිය කියයි.
කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට දැනට විශ්රාමගොස් සිටින තමාගෙන් ඉගෙනගත් කැනඩාවේ ගෝලයින් ඔවුන්ගේ සමාගම්වල සේවය කිරීමට ලංකාවේ සේවකයින් ඉල්ලු බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදිය හැකියයි පවසමින් මෙසේ මුදල් වංචා කර තිබේ.
කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින තමාට වැඩසිටිමින් දියුණු කිරීමට විහාරස්ථානයක් අවශ්‍ය යයි කියමින් බුදුසරණ පුවත්පතේ දැන්වීමක් දමා ඇති බවත් ඒ අනුව අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ඨාන කිහිපයකම විහාරාධිපතිත්වය දරන හිමි නමක් මේ දැන්වීමේ සදහන් දුරකථන අංකයට කතාකොට සැකකාර චිවරධාරියට සිය විහාරස්ථානය භාරගෙන කටයුතු කරගෙන යනලෙස පවසමින් එම විහාරස්ථානය භාරදී තිබේ.
ගල්කිරියාගම සෝරත නමින් හැදින්වෙන මේ ව්‍යාජ චීවරධාරියා භාවිත කොට ඇත්තේ ව්‍යාජ ජාතික හැදුනුම්පතක් බව පවසන පොලීසිය එම නමින් චිවරය දරා ඇත්තේ ව්‍යජව බවත් සැකකරු දෙදරු පියෙකු බවත් පරීක්ෂණවලදී අණාවරනයවූ බවත් පොලිසිය කියයි.
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් මෙම සැකකරු ලබාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
-
Nimal Rajapakse Sunday, 05 August 2018 12:33 PM
සාදු සාදු
Reply : 0 0
rocky Monday, 06 August 2018 11:54 AM
සිවුර පෙරවා ගත්තාම ඕනෑම ජඩ වැඩක් කරන්න ලේසියෙන්ම පුළුවන්ය කියන්නේ මේ නිසයි! බවුද්ධයෙනි, හොර සිවුරුකාරයන්ගෙන් පරෙස්සම් වෙන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

