දෙනියාය පොලිස් වසමේ පල්ලේගම ප්ර දේශයේ දිවා සංචාරයේ යමින් සිටි දෙනියාය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පල්ලෙගම ප්ර දේශයේදී විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් විසින් පසුගිය 16 දා තියුණු ආයුධයකින් පහරදිමක් සිදුකර තිබේ.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුලින්ම දේනියාය රෝහලටත් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලටත් ඇතුළත් කර තිබේ.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි කොස්තාපල්වරයා අද දින අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
අවුරුදු 18ක් වන සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන පසුගිය 17 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ජීිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 37ක් වන කටුවන පදිංචි තිරු පියෙකි.