හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවැසීය.
රත්ගම පැවති ජන හමුවක් අමතා එසේ කී ඒ මහතා තව දුරටත් කතා කරමින් ඒ සම්බන්ධයෙන් මෙසේද කීවේය.
“2011දි පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා ඕන කමින්ම තරගය පැරදුනා කියලා කියනවා. කාටද මේ ඇගිල්ල දික්කරන්නේ. කුමාර සංගක්කාරටයි මේ කියන්නේ. තරගය පාවාදුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කරන්නෙත් නැහැලු.
නමුත් එදා ටීම් එකේ කැප්ටන් කුමාර සංගක්කාරයි.උප නායක මහේල ජයවර්ධනයි. ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන් ,මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් මේ ටීම් එකේ හිටියා. රජයේ ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නා කියලා. ඕනකමින්ම අවසන් මහා තරගය පැරදුනා කියලා.
මම පැහැදිලිවම කියන්න කැමතියි 2011දි ලෝක කුසලාන අවසන් මහා තරගයේදි සිදුවුනා යයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයට ඇයි එදා පැමිණිලි නොකලේ. ඒ ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයට එදා පැමිණිලි නොකළේ.
කොරෝනාවෙන් රට වැටී තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය 2011 ලෝක කුසලානය තරගය කරා රටේ ජනතාවගේ අවධානය යොමුකරන්න . මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමුකරවන්න . මෙන්න අරමුණ මම පැහැදිලිව කියනවා කුමාර සංගක්කාරලා ,මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා ,ලසිත් මාලිංගලා,මුත්තයියා මුරලිදරන්ලා ඇතුලු 2011 අපේ වීරෝදාර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා.
අපහස කරන්න එපා.බොරු කතා හදන්න එපා.ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්නට පෙර කරුනාකර යන්න කණ්ණාඩියක් ඉස්සරහාට යන්න. හොදින් බලන්න තමන්ගේ අඩුපාඩු දිහා.තමන්ගේ අඩුපාඩු හදාගෙන ඕන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත