ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පෙරේදා රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 50ක් වූ මෙම සැකකරු ඉන්දියානු ආරක්ෂක අංශ විසින් 2015දි අත්අඩංගුවට ගෙන තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්රතිසංවිධානය කිරිමට කටයුතු කිරීමේ චෝදනා යටතේය.
චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් විසින් වසර 10ක සිර දඩුවමක් නියම කිරීමෙන් අනතුරුව එය ගෙවා දමා අවසන් කර ශ්රී ලංකාවට පිටුවහල් කර තිබේ. සැකකරු කටුනායකදී ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින අත්අඩංගුවට ගෙන පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.