ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
හැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.
මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් ගතවූ දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයට බලපෑ දැඩි අයහපත් කාලගුණයත් සමග එම තේ වත්තේ කොටසක් ගිලා බැසීමට ලක්ව ඇතැයි වතු පාලනාධිකාරිය පැවසීය.
එම නාය යෑමේ අවදානම පවතින ස්ථානයට පහළින් වතු නිවාසවල පදිංචිකරුවෙන් හැටන් ෆෘට්හිල් දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශීය කාර්යාලය මගින් ලබාදී ඇත.
නාය යෑමේ අවදානමට ලක්ව ඇති ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමට නියමිතය.
හැටන් - රංජිත් රාජපක්ෂ
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd