හලාවත නීතිඥ සංගමයෙන් සුගන්ධිකා ප්‍රනාන්දුට තහනමක්
නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ හලාවත නීතිඥ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට ඊයේ (18දා) පැවැති මාසික රැස්වීමේදි ඒකමතිකව තීරණය කළ බව හලාවත නීතිඥ සංගමය පවසයි.
විවිධ අවස්ථාවලදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරට අධිකරණ පද්ධතියටත්, විනිසුරුවරුන්ටත්, මෙරට සිටින නීතිඥවරැන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයන්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට තම සංගමයට ලද පැමිණිලි අනුව සභා රැස්විමේදි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්චා කර මෙම තීරණය ගත් බවද එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිප දෙනෙකුම කියා සිටියහ .
මෙහිදී ඔවුහු වැඩිදුරටත් පැවසූහ
“නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට අප සංගමය සාමාජිකත්වය ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරගනු ලැබුවා. එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සිදුකරන අතර, ඔවුන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසනවා”
සුපුන් හංසන

popular news
-
rocky Thursday, 19 July 2018 08:03 PM
ඔය පරීක්ෂණ වලට අර හිටපු චීෆ් සිල්වා මහත්තය .. පීරිස් මහත්තය එහෙම දා ගත්තොත් නරකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

